අතහැරීම.
මම මගේ පුතාට මගේ කාරෙක පවරලාම දුන්නා. ඒක මට ඕනා කියන අදහසක් මට නෑ. නමුත් පාරේ යන එන වාහනයක යන හැම විටම ඒ පාට කාරෙකක් දැක්කාහම නොම්මරය බැලීමට පෙලබෙනවා. ගරාජ් වල තියෙන පොඩි වෙච්ච කාර දිහා බලලා කාර් කියන්නේ මෙන්න මේ වගේ දේවල්. ඉතින් ඇයි මම නොම්මරය බලන්නේ කියා මටම දොස් කියා ගන්නවා. රූපය අනිච්චයි භාවනාව මෙනෙහි කරනවා. ඒත් නොම්මරය බැලිම නතර වුනේ නෑ. මේ තත්වය අතහැර ගැනීමට උපදෙසක් පතමි.