arrow_drop_down_circle

සිල් ගැණීමෙන් බලාපොරොත්තුවන ‍දෙය.

සැගවුනු බොදුමග කලඑලි දකී නම් දහම් ග්‍රන්තයෙහි 229 වැනි පිටුවෙහි ඇති මෙම ජේදය කියවීමේදි ඇති වූප්‍රශ්නයකි. යම් භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ පාත්රදය හැරමිටිය දැලිපිහිය ආදිය ගන්න අමතර ආශාවක් ඇතිකර ගෙන ඒ ආශාවෙන් සිටියත් ඒ මොහොත ශ්‍රමන ධර්මයෙන්ද පිටත සිටීමක් වනු ඇත.ශ්‍රමන ධර්මයටද එය විරුද්ද වනු ඇත. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තම සිරුරට ආශාවෙන් සිටී මිය ගොස් ‍එම පාපයෙන් පෙරේතයකු වු කථාවක් විනය පිටකයේ සදහන්වේ.ආශා පොදි මේ තරම් බරපතලය. ගිහි පැවිදි කාගේ නමුත් අයහපත් මාර්ගය කෙසේවත් නොදෙසමි යයි බුද්ධ දේශනාවයි. මේ අනුව පොහෝ දිනයන් හී සිල් වතක පිහිටන අපද අධිෂ්ඨාන කරගත් කාල සිමාව තුල රහතන් වහන්සේලා අනුව පවතමියි සිතුවද අපට එවැනි හෝ වෙනත් සිතුවිලි පහල විය හැකිය. සිල් වතක නොපිහිටා දහම් ශ්‍රවනය කරන පිරිස්ද සිටින නිසා ඒ අය ඇතුලු හැමටම මෙය පිලිබදව දේශනා කරන මෙන් ඉල්ලමි.

 

closechevron_left